ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පල්ලේවෙල දක්වා සීමා කර තිබෙනවා.
ඒ මීරිගම විජය රජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ එක් ස්ථානයක් අයහපත් කාළගුණය හමුවේ ගිලාබැසීමකට ලක්වී තිබීම හේතුවෙන්.
මෙම ගිලාබැසීම හේතුවෙන් ඒ අසල ඇති අනෙක් දුම්රිය මාර්ගයද අවදානමකට ලක්වී ඇතැයි සඳහන්.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ මේ වනවිට එම මාර්ගය කඩිනමින් පිළිසකර කරමින් පවතින බවයි.