ගතවූ පැය කිහිපයේ සිට දිවයිනේ ප්‍රදේශ රැසකට අඛන්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ 13 කට අධික ප්‍රමාණයක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
අනුරාධපුර / වව්නියාව සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි ජලාශ වල වතුර මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
විශේෂයෙන්ම මල්වතු ඔය ආශ්‍රිත පහත් බිම් වල වාසය කරන ජනතාවට පවතින තත්වය පිළිබද නිරන්තර අවදානයෙන් පසුවන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමණාකරණ ඒකකයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු බී. අබේසිරිවර්ධන මහතා.
මේ අතර වව්නියාව සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වල ජලාශ වල පවතින තත්වය සම්බන්ධයෙන්ද බී. අබේසිරිවර්ධන මහතා අදහස් පළ කලා.
අද රාත්‍රියේදීත් මිලි මීටර 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙසයි ඔහු ජනතාවට දැනුම් දී සිටියේ.
