දිවයිනේ ප්‍රදේශ තුනක ඊයේ (17) දින මනුෂ්‍ය ඝාතන 3ක් සිදුව තිබෙනවා.
ඇල්ල , වැලිවේරිය සහ දොඩන්ගොඩ යන ප්‍රදේශවලදී මෙම ඝාතන සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.
ඇල්ල පොලිස් වසමේ උඩුනුවරවත්ත කොටස ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල සහිතව පුද්ගලයින් 4 දෙනෙකු බදුල්ල මහරෝහලට ඇතුලත් කිරීමේදී එක් අයෙක් මියගොස් තිබෙනවා. ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා වයස අවුරුදු 28ක් පමණ වන අයෙක්.
වැලිවේරිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 74ක් පමණ වන කාන්තාවක්.
ඇයගේ මුනුබුරා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
දොඩන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ දින ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 46ක් පමණ වන කාන්තාවක්. පවුල් ආරවුලක් මත සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.