සබරගමුව හා මධ්‍යම පළාත්වල අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල / මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
ඌව පළාතේ ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාවක් පවතිනවා.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් / උතුරු / උතුරු මැද වයඹ හා දකුණු පළාත්වල හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළගේ වේගය වරින් වර පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.