ප්‍රදේශ රැසකට අද දිනයේදීත් තරමක තද වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුරු – උතුරු මැද – වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාළයේදී හෝ රාත්‍රි කාළයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුනු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.