ඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර / සබරගමුව / මධ්‍යම / ඌව සහ දකුණු පළාත්වල මේ අකාරයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
වයඹ සහ උතුරු -මැද පළාත්වලත් වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා.