දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ඉදිරි පැය කිහිපයේදී මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව නැගෙනහිර / උතුරු / උතුරු මැද සහ ඌව පළාත්වලත් මුලතිව් / වවුනියා සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මේ ආකාරයෙන් වැසි ඇති විය හැකියි.
උතුරු – උතුරු මැද, නැගෙනහිර , ඌව සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.
මේ අතර දිවයිනට ගිණිකොණ දෙසින් නිරිත දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.