දිවයින හරහා නිරිත දිග මෝසම් තත්වය තවදුරටත් සක්‍රීයව පවතින බැවින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අද දිනයේදී මිලි මීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අතැම් ස්ථානවලට මේ අකාරයෙන් මිලි මීටර 75ක පමණ වැසි ඇති විය හැකියි.
බස්නාහිර , සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති ඇතිවිය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
