ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තොරතුරු මකා දැමීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කර ඇති කැදවීමක් අනුවයි මන්ත්‍රීවරයා අද පෙරවරු 09 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණ සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙහිදී අදහස් පළකලා.
රට තුළ වංචාවන් පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිකරන මන්ත්‍රීවරුන් සහ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කලේ.