අද දහවල් 1.00ට පමණ සිට කිලෝමීටර් 24ක් ඔබ්බෙන් වූ මුහුදේ මැග්නිට්යුඩ් 3.7ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පාවක් සිදුව ඇති බව සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
මෙම භුමිකම්පනයේ ප්‍රබලත්වය බේරුවල, කළුතර, කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වුවද මෙයින් කිසිදු අවදානමක් නොමැති බවත් ඒ හේතුවත් ජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවයි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ.
