ප්‍රතිපත්ති පොළී අනුපාතිකයන් නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තී්රණය කර තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සියයට 14.5 ක් ලෙසද නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 15.5 ක් ලෙසද අඛණ්ඩව ඉදිරි මාසයටත් පවත්වාගෙන යනු ඇති.
මහ බැංකුව නිකුත් කල මාසික මූල්‍ය විවරණයට අනුව පසුගිය ජූලි මාසයේ ශ්‍රී ලංකාව සතුව පැවති නිල විදේශ සංචිතවල වටිනාකම ඩොලර් බිලියන 1.8 ක්.
ඉන් ඩොලර් බිලියන 1.5 ක් චීනයෙන් ලද විනිමය හුවමාරු පහසුකම යටතේ ලැබුණු ප්‍රතිපාදන බවයි මහ බැංකුව සඳහන් කලේ.
ජූලි මාසයේ උද්ධමනය වැඩිවීමේ වේගය තරමක් පහළ ගොස් ඇතැයිද මෙම වසර අවසානය වනවිට එය සැළකිය යුතු අගයක් දක්වා අඩුවනු ඇතැයිද මහ බැංකුව අනාවැකි පළකරනවා.
සංචාරකයන් පැමිණීම ඉහළයාමත් සමග රටට ලැබෙන විදේශ විනිමය ඉහළ යාමක් පසුගිය මාසයේදී නිරික්ෂණය වී තිබෙනවා.
එහෙත් විදේශගත ශ්‍රමිකයන් විසින් රටට එවන ප්‍රේෂණ තවදුරටත් පහළයාමක්ද ජූලි මාසයේදී දක්නට ලැබුණු බවයි මහ බැංකුව කියාසිටියේ.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාවයකට එළැඹීම එළඹෙන සති කිහිපයේදී සිදුවනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කලා.
