යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය පක්ෂය තීරණයක් ගනු ලබන්නේ පක්ෂයේ නීති විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුව විසින් ලබාදෙනු ලබන නිර්දේශ මත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අදාළ වාර්තව ඉදිරියේදී තමන් වෙත ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි හිටපු ජනාධිපතිවරයා මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ.