ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී රාජ්‍ය පාළකයන් වෙනුවෙන් ජාත්‍යන්තරය උදව් නොකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා.
ඔහු නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ජාත්‍යන්තරය,පුද්ගලික හැඳුනුම් කම් වෙනුවෙන් රටවල් සදහා උදව් නොකරන බවයි.
ජාත්‍යන්තරයේ සහය හිමි වන්නේප්‍රතිපත්තිවලට හා වැඩපිළිවෙළවලට බවයි රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ.
එහෙත් වත්මන් පාලනය සතුව එවැන්නක් නොමැති බවද මන්ත්‍රීවරයා සිහිපත් කරනවා.