පොලිස් ආඥා පනතේ ඇඳිරි නීතිය පැනවීමට ප්‍රතිපාදන නොමැති බවත්, එබැවින් රජය විසින් දැනට ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය නීති විරෝධී සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරනවා.
මෙරට සාමාන්‍ය ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ රජයට එරෙහිව විරෝධය ප්‍රකාශ කරනුයේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සහ අවශ්‍යතා සපුරාලීමට රජය අසමත් වීම හේතුවෙන් බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.
එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පති වරයාගෙන් ප්‍රශ්න කරනුයේ මෙලෙස ඇඳිරි නීතිය පැන වුයේ කුමන ප්‍රතිපාදන සහ බලාධිකාරයක් යටතේද යනුවෙනුයි.
