නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුලදීත් පුද්ගලයින් 253 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන 54 දහස් 612 ක් පමණ වන බවයි.
මේ අතර බස්නාහිර පළාතේ පළාත් සීමා හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 2411 ක් සමග වාහන 1220 ක් පරීක්ෂාවට ලක්වී ඇති අතර ඔවුන් අතරින් ුපුද්ගලයින් 479 දෙනෙක් සහ වාහන 361 ක් දැඩිව අවවාද කරමින් නැවත හරවා යවා තිබෙනවා.
එමෙන්ම අධිවේගි මාර්ග වෙත වාහන ඇතුලත් කිරීමේදී පිටවීමට බලාපොරොත්තු වන ස්ථානය සම්බන්ධයෙන් ලබාදෙන තොරතුරරට අනූව කටයුතු නොකරන රියදුරන් සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බවද පොලීසිය සදහන් කලා.
පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වන බැවින් එය කඩකිරීමට උත්සහ නොකරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ .