පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කළා.
ඒ, කළුතරදීයි.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ද සම්පූර්ණ කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ අද සිට ලබන 23වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර එම අයදුම්පත් භාර ගන්නා බවයි.
