පළාත් කිහිපයකට අද (08) රාත්‍රි කාලයේදී මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර – සබරගමුව – මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම ප්‍රදේශවල හෙට දිනයේදීත් මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ සවස් කාළයේදීත් වැසි ඇති විය හැකි අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් දකුණු පළාතෙත් සුළගේ වේගය පැයට කිලෝමීටරත් 40ත 50ත් දක්වා ඉහළ යා හැකි බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.