ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 38 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුනා.
කොලඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් රැස් කළා.
සූර්යකුමාර් යාදව් ලකුණු 50 යි.
දුෂ්මන්ත චමීර හා වනිදු හසරංග අතර කඩුලු 2 බැගින් ඛෙදී ගියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිළට පන්දුවාර 18 යි පන්දු 3 කදි සියල්ලන් දැවි රැස් කර ගත හැකි වුනේ ලකුණු 126 ක් පමණයි.
චරිත් අසලංක ලකුණු 44 යි. ලකුණු 22 ට කඩුලු 4 ක් දවාගත් බුවනේෂ්වර් කුමාර් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තා.
දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය හෙට රාත්‍රී 8 ට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදි ආරම්භවීමට නියමිතයි.
