2023 වර්ෂයේ පළමු කාර්තුව එනම් ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාස තුන සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 316,619ක් රැස්කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය වසරේ එම කාර්තුවේදී ආදායම් දෙපාර්තමේන්තුව රැස්කර ඇත්තේ රුපියල් මිලියන 146,565කි.
ඒ අනුව එය පසුගිය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 216ක වැඩිවීමකි.
එම දෙපාර්තෙමේන්තුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ රජයේ නව බදු ප්රතිපත්තිය මෙන්ම රටේ ආර්ථික ක්රියාකාරීත්වය ක්රමයෙන් යථා තත්ත්වයට පත්වීම සහ බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව වර්ධනය වීම ආදිය මෙම බදු ආදායම ඉහළයාමට හේතුවී ඇති බවය.