කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින හෝටල් සේවකයන් සදහා රුපියල් පහලොස් දහසක දීමනාවක් කඩිනමින් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී රට පුරා දැවැන්ත විරෝධතා මාළාවක් ආරම්භ කරන බව හෝටල් සේවක මධ්‍යස්ථානය පවසනවා.
එහි ජාතික සංවිධායක ජයතිලක රණසිංහ මහතා දික්වැල්ල නගරයේ අද පැවති විරෝධතාවයකට එක්වෙමින් කියා සිටියේ හෝටල් සේවකයන් ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව ඇති බවයි.