අරගලකරුවන් විසින් පසුගිය මස 09 දින කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු අවස්ථාවේ පළමුවරට එම පරිශ්‍රයට ඇතුලු වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මහරගම ප්‍රදේශයේ දීයි.
මෙම සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවද පොලිසිය සඳහන් කලා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් රැසක් හඳුනාගෙන ඇති බවත් ඉදිරියේ එම පිරිසද අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය කියාසිටියා.
