පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනින් කොවිඩ් වෙරසයට ගොදුරුවීමේ වර්ධනයක් මේ දිනවල පෙන්නුම් කරන බැවින් ඒ පිළිබද සෞඛ්‍ය බළධාරින්ගේ විශේෂ අවධානය යොමුකරන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය ඉල්ලීමක් කරනවා.
අද මහනුවරදී මාධ්‍ය හමුවක් කැදවමින් සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය කියා සිටියේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනින් 600 ක් පමණ මේවනවිට කොවිඩ් වෛරසයට ගොදුරුවී ඇති බවයි.
කොවිඩ් වසංගතය මධ්‍යයේ සේවය කරන බිම් මට්ටමේ සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය මුව ආවරණ ඇතුලු සෞඛ්යාරක්ෂිත පහසුකම් නිසි පරිදි නොලැබෙන බවටද දේවිකා කොඩිතුවක්කු මහත්මිය මෙහිදී චෝදනාවක් එල්ල කළා.