ආර්ථික වශයෙන් පීඩාවට පත් පවුල් ලක්ෂ 32 ක් සදහා රුපියල් 7500 ක උපරිමයකට යටත් දීමනාවක් ජූලි මාසයේ සිට මාස 06 ක කාලයක් සදහා ලබාදීමට රජය සැලසුම් කර තිබෙනවා.
ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ලබාදී ඇති ආධාර භාවිත කරමිනුයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ සම්බන්ධ කරුණු පැහැදිලි කළා.
ගොවීන්ට පොහොර බෙදා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.