කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලූ පර්යේෂණ එක් මධ්‍යස්ථානයකින් අධීක්ෂණය කර ඒවායේ ප්‍රතිඵල කඩිනමින් ගොවියා අතට පත් කෙරෙන යාන්ත්‍රණයක් සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
මෙරට ආයතන බොහෝමයක් විවිධ මාතෘකා ඔස්සේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල පර්යේෂණ කරන නමුත් ඒ පර්යේෂණවල ප්‍රතිඵල ගොවියාට නොලැබෙන අතර ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවද අමාත්‍යවරයා චෝදනා කළා.
ඔහු මෙම අදහස් පළකලේ ශ්‍රී ලංකා ජාතික කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රතිපත්ති ආයතනයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින්.
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කෙරෙන පර්යේෂණ කුමන ආයතනයකින් කළත් ඒවා මෙහෙයවීම හා අධීක්ෂණය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති එක් ආයතනයකින් ඉටුවිය විය යුතු බව අමාත්‍යවරයාගේ ස්ථාවරයයි.