වැලි / කලුගල් / පස් කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමවේදයක් මාස තුනක් තුළ සකස් නොකළහොත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍යංශය දැනුම් දෙනවා.
බලපත්‍ර නිකුත් කිරීමේ දී හදුනාගත් ගැටලු කිහිපයක් හේතුවෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවස්ථා කිහිපයක දී ඊට විකල්පයක් ලෙස මාර්ගගත මාර්ගත ක්‍රමවේදයක් සකස් කිරීමට කාර්යංශයට දැනුම් දුන්නද මේ වනතෙක් එම කටයුතු සිදු කර නොමැති බවට අනාවරණය වී ඇති බවයි පරිසර අමාත්‍යංශය සදහන් කළේ.
ඒ අනුව අදාළ බලපත් නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයක් සැකසීමට උපරිම වශයෙන් මාස තුනක් ලබා දෙන බවයි මහින්ද අමරවීර මහතා අද කැදවා තිබූ සාච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ.
මීට අමතරව එම වැඩපිළිවෙළේ ප්‍රගතිය මාසික වාර්තාවකින් තමන්ට ලබා දිය යුතු බවට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවයි පරිසර අමාත්‍යංශය නිවේදනය කළේ.
මේ අතර දැනට වාර්ෂිකව වැලි, කළුගල්, හා පස් කැණීම් හා ප්‍රවාහණ බලපත්‍ර ලක්ෂ 10ක් පමණ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර ඇති බවද සදහන්.