සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවකට සෞඛ්‍ය අමාත්‍යාංශය සැරසෙන්නේනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ සදහා ගෙන ඇති තීරණ වේනම් මැයි 25 වනදාට පෙර අවලංගු කරගන්නා ලෙසත් එසේ නොවන්නේනම් ඕනෑම ආකාරයේ දැඩි වැඩ වර්ජනය ක්‍රියාමාර්ගයක් ආරම්භ විය හැකි බවත් එම සංගමය ඊයේ දැනුම්දුන්නා.
මේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජෙසිංහ මහතා.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුලු පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද වෛද්‍ය චමිල් විජෙසිංහ මහතා එහිදී කියා සිටියා.