පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව එරට කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඊට විදේශීය බලපෑමක් ඇති බවටත් පකිස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටත් දන්වමින් යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පකිස්ථානයේ වත්මන් ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිවයුතු බවට චෝදනා නගමින් එරට විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලැබුවා.
මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කල යෝජනාවක් එරට ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවයි පකිස්ථාන වාර්තා කියාසිටියේ.
