පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාස භංග යෝජනා ඡන්ද විමසීම අද එරට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
දේශපාලන විචාරකයන් මත පළ කරන්නේ මෙහිදි ඉම්රාන් ඛාන් මහතා පරාජයට පත්වී තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවටයි.
පසුගිය ඉරිදා දිනයේදී මෙම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත වුවද පකිස්ථාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් එය ඉවත දමනු ලැබුවා.
අනතුරුව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් කල ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටයි එරට ජනාධිපතිවරයාද කටයුතු කලේ.
කෙසේවෙතත් විපක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම තීරණය අභියෝගයට ලක් කරනු ලැබුවා. එහි තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේ විශ්වාසභංගය අත්හිටුවීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැණි බවටයි.
ඒ අනුව අද දිනයේදී නැවතත් පාර්ලිමේන්තුව රැස්වී අදාළ යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම පවත්වන ලෙසයි අධිකරණය දන්වා ඇත්තේ.
පකිස්ථාන විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලැබුවේ රට තුළ ආර්ථික අර්බුදය දරුණුවීමට අගමැතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවී ඇති බව දක්වමිනුයි.
