සියල්කොට් හිදි ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ සිදුවීම හමුවේ පකිස්ථාන ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවලට කිසිදු බාධාවක් නොමැති බව ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා පවසනවා.
අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මෙම සිදුවීම වාර්තාවීමෙන් පසු පකිස්ථාන ජනතාව දැඩි කෝපයට සහ ලැ–ජාවට පත්වු බවයි.
දෙරට අතර දිගු කලක සිට පවතින මිත්‍රත්වය ඊට හේතුවූ බව ඔහු සඳහන් කලා.
ජනතාව ප්‍රසිද්ධියේ විරුද්ධත්වය පළ කිරීමෙන් එය පැහැදිලි වන බවයි මහ කොමසාරිස්වරයා කියාසිටියේ.
මෙම සිදුවීම එක් හුදකලා සිදුවීමක් පමණක් බවද පකිස්ථාන අගමැතිවරයා මේ වනවිටත් දැඩි තීන්දු කිහිපයක් ගෙන ඇති බවද තන්වීර් අහමඩ් මහතා සඳහන් කලා.
පකිස්ථානය විදේශිකයන්ට ආරක්ෂිත රටක් බව පැවසු මහ කොමසාරිස්වරයා අවධාරණය කලේ එරට සිටින සියලු ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.