පෙට්‍රල් – ඩීසල් සහ විදුලි ගාස්තු සඳහා මහජනතාවට සහනයක් ලබාදීමට පකිස්ථාන රජය තීරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සඳහන් කලේ ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් සහනාධාරයක් ලබාදීමට පියවර ගන්නා බවයි.
පකිස්ථානයේ ෆෙඩරල් ආදායම් මණ්ඩලයේ ආදායම සියයට 30 කට වැඩි අගයකින් වර්ධනය වීම මීට හේතුවයි.
එහි අපේක්ෂිත ඉලක්කය වූ පකිස්ථාන රුපියල් බිලියන 441 ක ආදායම පසුගිය මාසයේදී ඉක්මවා ගොස් තිබෙනවා.