ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 කණ්ඩායම සිය මැයි දින රැලිය කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ආණ්ඩුවේ බලය තුරන් කිරීම වෙනුවෙන් එම රැලිය පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුලු අනෙකුත් පක්ෂවලටද මීට සහභාගිවන ලෙස පක්ෂ 11 නායකයින් විසින් ආරාධනා කර සිටිනවා.
මේ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළකල පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ විමල් වීරවංශ – වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන්.
මේ අතර ආණ්ඩුව නියෝජනය කරන 11 නායකයින් අද පෙරවරු 10 ට ආචාර්ය පූජ්‍ය ඉත්තෑපාන ධම්මලංකාර මහනාහිමියන් බැහැ දැකීමට නියමිතයි.
ඒ මුලු රටම හරි මගට ජාතික වැඩපිළිවෙල ආගමික නායකයින්ට පිළිගන්වා උන්වහන්සේලාගේ අනුශාසනා ලබා ගැනීම සදහායි.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතන්ත්රවාදි වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඇතුලු දේශපාලන පක්ෂ 11 වෙනුවෙන් එම පක්ෂවල නායකයින් මෙම අවස්ථාවට එක්වීමට නියමිත බව සදහන්.