අමාත්‍ය ධුර භාර නොගෙන නව රජයට සහය දීමට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පක්ෂ 10 නියෝජිතයන් තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා කියාසිටියේ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බවයි.
නව අයවැයක් ඉතා නුදුරේදී ගෙන එන බවට අගමැතිවරයා විසින් එහිදී දන්වා තිබෙනවා.
එමෙන්ම ඇමති ධූර භාර නොගන්නා දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභෘ සඳහා සහභාගී කරගන්නා බවද රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දුන් බවයි උයද ගම්මන්පිළ මහතා කියාසිටියේ.