නොවැම්බර් 16 වනදා දිවයිනේ සෑම ප්රදේශයකින්ම ගොවි ජනතාව කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව සමගි ජන බලවේගයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.
රට තුළ ආරම්භ වී ඇති උද්ඝෝෂණ රැල්ල නැවැත්විය නොහැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී හරින් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළා.