නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටී ඇති තුන්වැනි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක් පමණ ගත වනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි සාමාන්‍යාධිකාරි රෝහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, එම යන්ත්‍රයේ බොයිලේරුවේ ජල බට පුපුරා යාමෙන් එය බිඳ වැටී ඇති බවයි.
මේ වනවිට එම යන්ත්‍රයේ ඇති අධික රස්නය හේතුවෙන් එය අලුත්වැඩියා කිරීමට හැකියාවක් නොමැති බව සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, ලබන අප්‍රේල් මාසයේදී තුන්වැනි ජනන යන්ත්‍රයේ නඩත්තුවක් කිරීමට සැලසුම් කර තිබූ බවයි.
විදුලිබල මණ්ඩලය සතු ඩීසල් ඇතුළු ඉන්ධන බලාගාර හරහා ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
විදුලිබල අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, මේ හේතුවෙන් කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.
