වතුකරයේ දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීමේ නූතන වහල් වෙලදාමට එරෙහිව මෙරට සෑම පුරවැසියෙකුම නැගී සිටිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
මහනුවරදී අද මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
පාසල් හැරයන දරුවන්ගේ වැඩිම ප්‍රතිශතය ඇත්තේ මෙරට වතුකරයේ බවත් එම දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමටත් ඔවුන් වහල් සේවයේ යෙදවීම වැළැක්වීමටත් නව නීති සකස් කළ යුතු බවද පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළා.