බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි සැකකරුවන් 04 දෙනෙකු කන්දකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පල්ලෙවෙල – බදුලුඔය – පුස්සකන්ද සහ මීගහකිවුල යන ප්‍රදේශවල බලලත් නොමැතිව ඉන්ධන ගබඩා කර වැඩිමිළට අලෙවි කරන ලද ස්ථාන 05 ක් සම්බන්ධයෙන් කල වැටලීම්වලදීයි මොවුන් පොලිස් භාරයට ගෙන ඇත්තේ.
සැකකරුවන් සතුව තිබී ඩීසල් ලීටර් 332 ක් – පෙට්‍රල් ලීටර් 53 ක් සහ භූමිතෙල් ලීටර් 237 ක් සොයාගෙන තිබුණා.
වැටලීම සිදුකල අවස්ථාවේදී එක් සැකකරුවෙකු පළාගොස් ඇති බවද පොලිසිය සඳහන් කලා.
37 ත් 47 ත් අතර වියෙහි පසුවන සැකකරුවන් කන්දකැටිය හා පූඩලුඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ලබන 29 වනදා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.
පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කන්දකැටිය පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.
