නීති විරෝධීව ඔස්ටේ්‍රලියාව බලා යාමට සුදානමින් සිටි 54 දෙනෙකු කල්මුණේ හිදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා නිව්ස් රේඩියෝවට කියාසිටියේ බහුදින ධීවර යාත්‍රාවක්ද අද අලුයම මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි.
මෙම පිරිස ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශවල පදිංචිකරුවන්ද සහ ඔවුන්ගේ අනන්‍යතාවය මේ දක්වා තහවුරු කරගෙන නැහැ.
මෙරට සිට නීතිවිරෝධී ලෙස ඔස්ටේරලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 399 දෙනෙකු පසුගිය ජනවාරි මස පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ඊයේ නිවේදනය කලේ.
ඉන් 91 දෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කලේ.
නීති විරෝධී සංක්‍රමණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න දඩ මුදලක් සහ වසර 05 කට ආසන්න සිරදඩුවමකට ලක්වීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.