නීති විරෝධි ආකාරයෙන් පෙට්‍රල් සහ ඩීසල් තොග රැස් කරමින් විකිණීමේ නිරත වන පුද්ගලයින් සොයා හෙට සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
නීතිය යටතේ ඉන්ධන රැස් කිරීමට සහ විකිණීමට ප්‍රධාන වශයෙන් අවසර හිමිවන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ලියාපදිංචි වූ ඉන්ධනහල් වෙත පමණක් බැවින් ඉන්ධන ලග තබා ගනිමින් පෞද්ගලිකව අලෙවි කිරීම නීති විරෝධි බවයි පොලිසිය පවසන්නේ.
එලෙස ඉන්ධන තොග රැස්කර අලෙවි කෙරු කණ්ඩායම් දෙකක් අද දිනෙයේදී අත්අඩංගුවට ගත් බවත් හෙට සිට එම මෙහෙයම් දැඩිකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සදහන් කලා.
