මැතිවරණ සමයන්හිදී අධිකරණය හා මැතිවරණ කොමිෂන් සභාව ලබා දෙන නියෝග වලට පටහැනිව කිසියම් පාර්ශවයකින් ලැබෙන උපදෙස් ක්‍රියා කරන නිළධාරීන්ට එරෙහිවද නීතිමය පියවර ගත හැකි බව එම කොමිෂන් සභාව පවසනවා.
අදාළ කාල සීමාවන් තුළදී සියලු රජයේ නිළධාරීන් මැතිවරණ කොමිෂන් සභාවට යටත් බවයි එම කොමිසම පැවසුවේ.
ඒ අනුව, දේශපාලඥයින් හෝ රජයේ උසස් නිලධාරීන් මැතිවරණ නීතියට පටහැනිව ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක කිරීම නීතිවිරෝධී වනවා.
යම් හෙයකින් කුමන හෝ පාර්ශවයක් ලබා දෙන නීති විරෝධී ක්‍රියාවක් සිදු කිරිමෙන් අනතුරුව අදාළ රජයේ නිලධාරියා නිදහසට කරුණු ඉදිරිපත් කළද ඔහු වරද කරුවකු වන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පැවසුවේ.
සිය කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන තේරීම් භාර නිලධාරීන්ට අධිකරණයට හැර වෙනත් කිසිදු පාර්ශවයකට මැතිවරණය සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට නොහැකි බවද මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා එහිදී ප්‍රකාශ කළා.
