මාධ්‍ය නිවෙිදනය.
මෙරට වනාන්තර සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට පිළිතුරු
පරිසර හා සොබාදහම් අධ්‍යයන; මධ්‍යස්ථානය මගින් 2023.01.04 දින නිකුත් කළ මාධ්‍ය වාර්තා වේ මෙරට පවතින වනාන්තර ප්‍රමාණය 16% බව පැවසුවේ අදාල දත්ත අප සතුව තබා ගනිමිනි. ඒ අනුව එම දත්ත සහිත පර්යේෂණ පත්‍රිකා කිහිපයක් පහත දක්වා ඇත.
01. කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය විසින් එළිදක්වන ලද පර්යේෂණ පත්‍රිකාව Analysis on Deforestation and Environmental Law in SriLanka.” C.V.,Liyanawatte and K.L.A.G.Dias, Faculty of Law, General Sir John Kotelawala Defence University, Ratmalana, SriLanka.
02. රවින්ද්‍ර කාරියවසම් විසින් ලියන ලද Review පර්යේෂණ පත්‍රිකාව” Impact Of Development On Deforestation In Sri Lanka: An Analytical Study”. R.Kariyawasam and Chinthka Rajapakse.
IOSR Journal of
Environmental Science, Toxicology and Food
Technology (IOSR-JESTFT) e-ISSN: 2319-2402,p-
ISSN: 2319-2399. volume 8.issue 7 ver (2014).
03.පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2017 වර්ෂයේ ලබාදුන් වාර්තාව
රජය දැවැන්ත වන විනාශයක් සිදු කරමින් සිටියදී වනාන්තර විනාශය වළක්ව ගන්නවා වෙනුවට මාධ්‍ය භාවිතා කරමින් පරිසර සංරක්ෂණය වෙනුවෙන් වැඩ කටයුතු කරන පුද්ගලයන් සහ ආයතන අපහසුතාවයට පත් වන පරිදි මාධ්‍ය නිවේදන නිකුත් කලත් ලෝකයේම ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර ලංකාව හතර වෙනි තැනට පැමිණ ඇති බව අවධාරණයෙන් කිව යුතුය.
ඒ කෙසේ වෙතත් ප්‍රාථමික වනාන්තර ඇතුළු වනාන්තර පද්ධතීන් ආරක්ෂා කරගැනීම උදෙසා අවධානයක් යොමු කරන බවක් නම් පෙනෙන්නට නැත. අප ඉදිරිපත් කළ පරිදි, දත්ත විශ්ලේෂණයන්ට අනුකූලව 2021 වසරේ පැවැති ආණ්ඩුව මැදිහත් වීමෙන් දවසකට අක්කර 65 බැගින් මෙරට වනාන්තර විනාශයට පත්කර ඇති බව කිව හැකිය.
පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාවේ විශාල වනාන්තර ප්‍රමාණයක් විනාශ වූ අතර මෙම වනාන්තර විනාශය මේ අයුරින්ම සිදුවහොත් ශ්‍රී ලංකාව කාන්තාරයක් බවට පරිවර්තනය වීමට ගත වන්නේ ඉතා කෙටි කාලයකි. Rewive පර්යේෂණ පත්‍රිකාවට ආණ්ඩුව පාර්ශ්වයෙන් පිළිතුරක් දීමට අවශ්‍ය නම් ඉහත සඳහන් කර ඇති පර්යේෂණ පත්‍රිකාවල පරිදි එවැනිම පිළිගත් පත්‍රිකාවකින් විද්‍යාත්මකව පිළිතුරක් දීම යෝග්‍ය වේ. එසේ නොමැතිව වනාන්තර විනාශය එලෙසම පවත්වාගෙන යමින් එම විනාශය යට ගැසීම සඳහා මධ්‍ය නිවේදන නිකුත් කරමින් වනාන්තර ආරක්ෂා කළ නොහැකි බව අප අවධාරණය කර සිටින්නෙමු.
මෙයට,
රවින්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය.
