ධර්මපුරම් විශ්වමඩු ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් කාන්තාවක සහ ඇයගේ දියණිය මියගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි කාන්තාවක සහ ඇයගේ 17 හැවිරිදි දියණියයි.
නිවස තුළ තිබී ඔවුන් දෙදෙනාගේ පිළිස්සී ගිය සිරුරු සොයාගෙන තිබෙනවා.
සිද්ධිය වූ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.
ධර්මපුරම් පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.