අනුරාධපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගින්නෙන් තුවාළ ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
ඊයේ රාත්‍රියේ අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඇලයාපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
