නිරෝධායන රීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පුද්ගලයින් 93 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයන් සංඛ්‍යාව 52 719 ක්.
නිරෝධායන රීතිවලට අදාළ මෙහෙයුම් අඛණ්ඩව පොලිසිය විසින් සිදු කරන අතර ඊයේ දිනයේදීත් දිවයිනේ ස්ථාන කිහිපයක එම මෙහෙයුම් සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මේ එම මෙහෙයුම් සම්බන්ධයෙන් කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.