නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 125 දෙනෙකු ඊයේ (31) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලු සංඛ්‍යාව පනස් දෙදහස් අටසිය හතලිස් හතරක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
අත්‍යාවශ්‍ය නොවන හේතූන් සදහා පළාත් අතර ගමන් කිරීමට උත්සහ කළ පුද්ගලයින් 72දෙදෙනෙකු අවවාද කිරීමෙන් අනතුරුව ආපසු හරවා යැවීමට පොලිසිය පියවර ගත් බවද අජිත් රෝහණ මහතා සදහන් කළා.