නිරෝධායන රීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පුද්ගලයින් 108 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන 54 දහස් 359ක් බවයි පොලිසිය සදහන් කළේ.
මීට අමතරව පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් බස්නාහිර පළාතට අතුලුවීමට උත්සහ කළ පුද්ගලයින් 582 ක් ඔවුන් පැමිණි වාහන 333 ක් සමග ආපසු හරවා යවා තිබෙනවා.
බස්නාහිර පළාතට අතුලුවන සහ පිටවන ස්ථාන ආශ්රිත පොලිස් මාර්ග බාධක පැවනීම අඛණ්ඩව සිදුවන බවයි පොලිසිය සදහන් කළේ.