නිරෝධායන රීති උල්ලංඝණය කිරීමට අදාළව ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන 53 දහස් 571 ක්.
බස්නාහිර පළාතට පැමිණෙන සහ පිටවන ස්ථානවලදී පුද්ගලයින් 6443 සහ ඔවුන් පැමිණි වාහන 3264ක් ඊයේ දිනයේදී පරීක්ෂාකිරීම්වලට ලක්කළ බවයි පොලිසිය සදහන් කළේ.
මේ අතර පළාත් සංචරණ සීමා උල්ලංඝණය කිරීමට උත්සහ කළ තවත් පුද්ගලයින් 52 දෙනෙකු ඔවුන් පැමිණි වාහන 33 සමග ආපසු හරවා යවා තිබෙනවා.
මේ අතර පළාත් සංචරණ සීමා පැනවීම තවදුරටත් වලංගු බැවින් පළාත් අතර පොලිස් මාර්ග බාධක යෙදවීම අඛණ්ඩ ක්රියාත්මක බවද පොලිසිය සදහන් කළා.