අද උදාසන 06 න් අවසන් වූ පැය 24 ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත පුද්ගලයින් 639 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා නිරෝධායන නිති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 57,435 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.
බස්නාහිර පළාත තුළ පමණක් මේවනවිට මාර්ග බාධක 13 ක් ස්ථාපිත කර තිබෙනවා.
බස්නාහිර පළාතෙන් පිටවන වාහන 618 ක් සහ පුද්ගලයින් 1017 ක්ද පළාත තුළට පැමිණෙන වාහන 751 ක් සහ පුද්ගලයින් 1267 ක්ද ඊයේ දිනයේදී මාර්ග බාධක පරික්ෂාවන්ට ලක්කෙරුණු බවයි පොලිසිය සදහන් කළේ.