සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නිරෝධායන නීති කඩ කරන සියලු බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ අද සිට එම වැටලීම් දිවයින පුරා ක්‍රියාවට නංවන ලෙසයි.
ආසන සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කරනු ලබන සියලු ලංගම හා පුද්ගලික බස් පිළිබඳ සෝදිසියක් සිදුකරන ලෙසද එමගින් ඉල්ලීමක් කර තිබෙනවා.
පළාත් අතර සංචරණය ලිහිල් කිරීමත් සමග පුද්ගලික මෙන්ම ලංගම බස් රථද පසුගිය දින 03 තුළ නිරෝධායන හා සෞඛ්‍ය නීති කඩකරමින් මගීන් රැගෙන යන බවට ලද පැමිණිලි මීට හේතුවී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කලා.