නිරෝධායන නීති උල්ලංඝනය සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළදී තවත් පුද්ගලයන් 284 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 55 දහස් 173 ක්.
ඊයේ පෙරවරු 06 සිට අද උදාසන 06 දක්වා බස්නාහිර පළාතට ඇතුලූවන ස්ථාන 12 ක පිහිටුවා ඇති මාර්ග බාධක 12 කදී වාහන 859 ක පැමිණි පුද්ගලයන් 1439 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
ඉන් වාහන 199 ක පුද්ගලයන් 545 දෙනෙකු ආපසු හරවා යවා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.