නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය හෙට ප්‍රකාශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වෙන අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බවයි ඔහු කියාසිටියේ.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පණවනු ලැබුවා.
එය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන 30 වනදා අලුයම 04 ටයි.